“දණහිසේ අබාධයක්” – රන්ජන් ජාතික රෝහලට!

දණහිසෙහි ඇති වූ ආබාධයක් හේතුවෙන් රන්ජන් රාමනායක මහතා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු එම ආබාධය හේතුවෙන් ඊයේ (නොවැ.10) දින සවස ගාල්ල කරාපිටිය මහ රෝහලට ඇතුළත් කර අනතුරුව කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කරන ලෙස එහි වෛද්‍යවරුන් උදෙස් දී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එම වෛද්‍ය උපදෙස් අනුව අද (නොවැ.11) දින කොළඹ ජාතික රෝහලේ විකලාංග වෛද්‍ය සායනය වෙත ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 16 වන දින නැවතත් එම සායනයට ඉදිරිපත් කිරීමට වෛද්‍යවරුන් උපදෙස් දුන් බව ද සඳහන් කළේ ය.

මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එබැවින් 16 දින දක්වා කොළඹ වැලිකඩ බන්ධනාගාරයට අනුබද්ධ බන්ධනාගාර රෝහලේ ඔහුව රඳවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව ය.

 149 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply