බෝම්බ 8ක් සොයා දුන් කිරි එළදෙන

වැල්ලව පොලිස් වසම හරහා දිවෙන උතුරු දිග දුම්රිය මාර්ගයේ වැල්ලව – තල්විට දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ ලඳු කෑලෑවක කිසිවකු විසින් ප්ලාස්ටික් බාල්දියක අසුරා පියනකින් වසා ජීව අත්බෝම්බ අටක් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක සගවා තබා තිබිණ.
 
 එම ස්ථානයට යාබද පදිංචි කාන්තාවකගේ කිරි එළදෙනක් කඹය කඩාගෙන එම ලඳු කැලෑව හරහා දුව ගොස් ඇති අතර ඇගේ ගෙල බැඳි කඹය මෙම බෝම්බ බාල්දියේ පැටලී ඇත.
 
 බාල්දිය පෙරළීමෙන් එහි පියන ගැලවී බෝම්බ එළියට විසිවී ගොස් ඇති අතර බෝම්බ දැකීමෙන් බියට පත් එළදෙන පිටුපස ගිය කාන්තාව අසල්වාසීන් දැනුවත් කර වැල්ලව පොලිසියට දන්වා ඇත. වැල්ලව පොලිසියෙන් අධිකරණ අවසරය ලබා රත්ගල්ල යුද හමුදා බෝම්බ නිෂ්ක‍්‍රීය අංශයේ සහාය ලබාගෙන එම බෝම්බ නිෂ්ක‍්‍රීය කර ඇත. මේ දිනවල වැල්ලව පොලිසිය පාතාල අපරාධකරුවන්, මත්කුඩු ජාවාරම්කරුවන් සහ වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම නිසා බියට පත් බෝම්බ බාල්දියේ හිමිකරු එය මෙසේ ස`ගවන්නට ඇතැයි සැකකරන බව පොලිසිය පවසයි. වැල්ලව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. බණ්ඩාර විජේසූරිය මහතා ප‍්‍රමුඛ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍ර. පො. ප කිත්සිරි ලන්සකාර යන මහත්වරු වැඩිදුර විමර්ශන සිදු කරනු ලබති.

 1,239 total views,  25 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply