”සාදුලාට මොකට ද ෆෝන් යැයි ඇසූ කාලය දැන් අවසානයි”

මාරාන්තික කොවිඩ් වසංගතය නිසා රට සමාජීය, ආර්ථිකමය, අධ්‍යාපනික මෙන්ම ආගමික වශයෙන් ද ඉතා පසුබෑමකට ලක්විය. කොවිඩ්-19 නිසා ජීවන ක්‍රම වෙනස් වී ඇත. 

බෞද්ධයන් වශයෙන් පුරුදු වී ඇත්තේ ආතතිය දුරු කර ගැනීම සඳහා ආගමික වතාවත්වල යෙදීමයි. නමුත් මෙම කාල වකවානුවේ පන්සල් ගොස් ආගමික කටයුතුවල නියැළීමට වත් නොහැකි කාල විපර්යාසයකට මුහුණ දීමට වී ඇත. 

මේ වන විට සංඝයා වහන්සේලා ද වසංගත කාලයත් සමග ආගමික වතාවත්ගෙන් ඇත්ව හුදෙකලා ජීවිත ගත කරති. මේ වන විට බෝධි පූජා, බණ, පාංශුකූලය, ධර්ම සාකච්ඡා වැනි ආගමික වතාවත් ද ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කිරීමට සිදුව තිබේ. 

මෑතක් වන තුරු “හාමුදුරුවරුන්ට මොකට ද ෆෝන්”, “හාමුදුරුවරුන්ට ෆෝන් අකැප යැයි” යනුවෙන් හිනැහුණ වපර ඇසින් බැලූ ගිහියන් ඕනෑ තරම් මේ වන විට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ආගමික කටයුතු සඳහා සහභාගි වෙයි. 

රූපවාහිනියෙන් බණ දේශනා නොකර, සමාජ මාධ්‍ය භාවිතා නොකර සිටියා නම් අද වන විට සංඝරත්නයේත් බෞද්ධාගමේත් පැවැත්මක් නොමැති බව සිතිය හැකිය.

සෑම දෙයකට ම හනමිටි අදහස් දරන පුද්ගලයෝ සිටිති. අවස්ථාවට උචිතව ධාර්මිකව සුදුසු පරිදි හැඩගැසීමට ඔවුන් දැනගත යුතු ය. මෙම වසංගතය නිසා ලොව ම වෙනසකට මුහුණ පා ඇත. අද පවතින්නේ ඩිජිටල් ලෝකයක් බැවින් එයට අකමැත්තෙන් හෝ හැඩගැසිය යුතුයි. 

(ඕකන්දයායේ සුධීර ස්වාමීන් වහන්සේ සමග කරන කළ පිළිසඳරකි.)

 358 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply