සටන පාවා දුන් මහින්ද ජයසිංහ සියලු ගුරුවරුන්ගෙන් සමාව ඉල්ලයි! [VIDEO]

අග්‍රාමාත්‍යවරයා සහ ගුරු සංගම් අතර ඊයේ (නොවැ. 10) පැවති සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු ප්‍රධාන දොරටුව අසලින් පිටව එන මොහොතේදී ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සහ තවත් ගුරු සංගම් සාමාජිකයින් කිහිප දෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් සම්බන්ධයෙන් මහින්ද ජයසිංහ මහතා සමාව ඉල්ලා තිබේ.‍

අද (නොවැ.11) දින සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, මින් පෙර ගුරු සටන සම්බන්ධයෙන් නොයෙක් අවලාද නගද්දීත් සිය සංයමය ආරක්ෂා කර ගත් නමුත් මෙම අවස්ථාවේදී යම් අයුරකින් තම සංයමය බිඳුණා නම් ඒ සම්බන්ධයෙන් ගුරු ක්ෂේත්‍රයේ සියලු ම දෙනාගෙන් තමා සමාව අයැද සිටින බව ය.

කෙසේ වෙතත් ඊයේ මෙම බහින් බස්වීම සිදු වූ අවස්ථාවේදී ගුරු සංගම් නියෝජිතයෙකු විසින් මහින්ද ජයසිංහ මහතා නියෝජනය කරන ගුරු සංගම් ඇතුළු පාර්ශවවලට “සටන පාවා දුන්නා” යැයි චෝදනා කරනු දක්නට ලැබිණි.

එම අවස්ථාවේදී දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වන බව දක්නට ලැබුණු අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇතුළු සෙසු සංගම් සාමාජිකයින් විසින් දෙපාර්ශවය සමතයකට පත් කරන්නට උත්සාහ දරනු ලැබූ බව දක්නට ලැබිණි.

අදාළ ගුරු සංගම් ගැටුමේ වීඩියෝව පහතින්…

 624 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply