ඩොලර් අවුලෙන් නොරොච්චෝලේ බලාගාරයට ගල් අගුරු ටෙන්ඩර් දෙකක් නැතිවෙයි!

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයට ගල් අගුරු ලබා ගැනීමේ ටෙන්ඩර් දෙකක් හදිසියේ අවලංගු වී තිබෙනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණේ රට තුළ පවතින ඩොලර් ප්‍රශ්ණය මීට හේතු වී ඇති බවයි. අදාල පාර්ශවයන් විසින් මෙරට සමග ණයවර ලිපි විවෘත කිරීමේ අවිනිෂ්චිත භාවය පෙන්නුම් කර ඇති බවද වාර්තා වනවා. එමෙන්ම ගල්අගුරු වෙනුවෙන් අත්පිට මුදල් ඉල්ලා ඇති බවටයි වාර්තා වන්නේ.

වාර්ෂිකව මෙරට ගල්අගුරු අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් මිලියන 2.3ක්. ඉන් සියයට 50ක් දිගු කාලීන සැපයුම්කරුවන්ගෙන් ලබා ගන්නා අතර ඉතිරි සියයට 50 සම්පූර්ණ කර ගන්නේ ක්ෂණික මිලදී ගැනීම්වලින්. අවලංගු කර ඇති ටෙන්ඩර් 02 හරහා මෙරටට ලබා ගැනීමට අපේක්ෂා කළ ගල් අගුරු ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 06ක්. ඒවා ලක්ෂ 03 බැගින් නැව් 10කින් මෙරටට ලබා ගැනීමටයි නියමිතව තිබුණේ.

සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික ගල් අගුරු අවශ්‍යතාව ඔක්තොම්බර් මස සිට අප්‍රේල් මස දක්වා කාලය තුළ සම්පූර්ණ කෙරෙනවා. ඒ අනුව දින 05කට වරක් මෙටි්‍රක් ටොන් 60,000 බැගින් මෙරටට ගල් අගුරු රැගෙන ඒම සිදුවනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ මේ වසරට ප්‍රමාණවත් ගල් අගුරු තොග මේ වන විටත් රට තුළ ඇති බවයි. එම ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 06ක්. ඒ අනුව ගල් අගුරු ටෙන්ඩර් අවලංගු වීම හේතුවෙන් ගැටලුවක් මතු වුවහොත් එහි බලපෑම ඇත්තේ ලබන වසරේ විදුලි උත්පාදනය සඳහායි.

ඒ අනුව නෙත් නිවුස් මෙම අවධානම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයෙන් විමසීමක් කළා. එහි සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩෝ පැවසුවේ ගල් අගුරු ටෙන්ඩර් අවලංගු වී ඇතත් අඛණ්ඩව විදුලි සැපයුම් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව කෙසේ හෝ විදුලි කප්පාදුවක් සිදු නොකර පාරිභෝගිකයින්ට විදුලිය ලබා දෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩෝ වැඩිදුරටත් පැවසුවා.

 215 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply