“වසර 24ක් නොවිසඳුණු වැටුප් ගැටලුව විසඳයි” ගුරු – විදුහල්පති විරෝධය අවසන්!

ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ගුරුසම්ගම්  නියෝජිතයන්ට පොරොන්දු වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති සාකච්ඡාවේදී ඇමැති අනුකමිටුව ඉදිරිපත් කර ඇති වැටුප් වැඩිවීම එකවර ලබාදීමටත් එම වැඩි කිරීම අයවැයෙන් ලබාදීමටත් අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ගුරු හා විදුහල්පති වෘත්තීය සමති සංධානය ඉල්ලා සිටි ප්‍රධාන ඉල්ලීම එමගින් ඉටුවන බව ද ස්ටාලින් මහතා කීය.

 341 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply