අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 20ක් ජීවිතක්ෂයට!

දින කිහිපයක් පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ, දියේ ගිලීම්, අකුණු සැර වැදීම්, පස් කණ්ඩි කඩා වැටීම් ආදී අනතුරුවලින් එම පිරිස ජීවිතක්ෂයට පත්වී ඇති බව ය.

එමෙන් ම, එක් පුදගලයෙකු අතුරුදන් වී ඇති අතර පුදගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 126කට පවතින අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ලවී ඇති අතර මේ වන විට දේපළවලට සිදුවූ  අර්ධ හානි 960ක් සහ පූර්ණ හානි 18ක් වාර්තා වී තිබේ.

බදුල්ල, මාතලේ, මුලතිව්, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ලවී ඇති අතර පවුල් 17,481ක පුද්ගලයින් 62,247 දෙනෙකු ඉන් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් වැඩිදුරටත් පැවසී ය.

 927 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply