දයාසිරිට රජයේ ඇමතිකම්, නිලනිවාස, වාහන හොඳයි, රජය නරකයි! [VIDEO]

දයාසිරි ජයසේකර මහතා රජයේ අමාත්‍ය තනතුරක් දරමින්, රජයේ නිල නිවාසයක හිඳිමින්, රජයේ වාහන භාවිතා කරමින්, රජයේ සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් රජයට විරුද්ධව තැන් තැන්වල කතා කරමින් යෑම තමන්ටත් ප්‍රශ්නයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. 

ප්‍රශ්නය – දයාසිරි ජයසේකර ඇමතිතුමා කියලා තිබුණා එතුමා මෙතෙක් කාලෙකට දුටු නරකම පාර්ලිමේන්තුව මේකයි කියලා …. ?

“නෑ, ඒක තමයි මට ඒ ප්‍රශ්නය පැහැදිලි නෑ. එතුමා බිල්ඩින් එක ගැන කියනවාද දන්නෑ. යම්කිසි නිශ්චිත කාරණයක් දක්වන්නෙ නැතුව ඒ වගේ ප්‍රකාශයක් කරන්න ඉතිං …. කොයි ඇමතිවරයාගේ කුමන හැසිරීම සම්බන්ධයෙන්ද එතුමාගෙ ප්‍රශ්නය තියෙන්නෙ කියලා එතුමා කියන්න ඕනෙ. 

මොකද අපට පහුගිය කාලෙ ප්‍රශ්නයක් තිබුණා දයාසිරි ජයසේකර ඇමතිතුමාගෙ හැසිරීම සම්බන්ධයෙන් නම්. මොකද එතුමා රජයේ නිල නිවසක ඉඳගෙන, රජයේ වාහන පාවිච්චි කරමින්, රජයේ සියලු වරප්‍රසාද භුක්ති විඳිමින්, රජයේ ඇමතිකමක් දරමින් මේ රජයට විරුද්ධව කතා කර කර යනවා. ඉතිං අන්න ඒ වගේ තැන්වල අපටත් ප්‍රශ්න තිබුණා. නමුත් දයාසිරි ජයසේකර මැතිතුමා ප්‍රකාශයක් කරනවා නම් එතුමා කියන්න ඕනෙ අහවල් ඇමතිතුමාගෙ අහවල් ක්‍රියාව සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතිං ඔය වගේ ප්‍රකාශ ඕනෙ කෙනෙක්ට කරන්න පුළුවන්, ඒවා මෙහෙම බුද්ධිමත්ව කරන ප්‍රකාශ හැටියට අපි බරක් දාලා සලකන්න ඕනෙ ප්‍රකාශ නෙවෙයි, ඒවා නිකම් බොහොම ග්‍රාම්‍ය ප්‍රකාශ” 

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (08) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

 424 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply