යුද හමුදා සාමාජිකයන් රටපුරා අවතැන්වූවන් ‍බෙරා ගැනීමේ මෙහෙයුම්වල!

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ වනවිට රටපුරා පවුල් දහස් ගණනකට අයත් පුද්ගලයන් ආපදාවට ලක්ව සිටිනවා. මේ වනවිටත් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති අතර තවත් දහස් ගණනක් අවතැන්ව සිටිනවා.

අවතැන්වූවන් බේරා ගැනීමේ සහ සහන සැළසීමේ කටයුතු සඳහා යුද හමුදා සාමාජිකයන් රැසක් එක්ව සිටී.

රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්  අද උදෑසන නායයාමක් සිදු වූ අතර විපතට පත් පවුලක පුද්ගලයින් සිව්දෙනෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ 611 වන බලසේනාවේ සහ  08 වන සිංහ රෙජිමේන්තු භට පිරිස් කටයුතු කළහ. 

යුද හමුදා භට පිරිස් විසින් මුදාගනු ලැබූ එම පවුලේ  මව පියා සහ දියණියත් තවත් ඥාති දියණියකුත් වැඩිදුර ප්‍රතිකාර සඳහා රඹුක්කන රෝහලට ඇතුළත් කර ඇත. බරපතල තත්ත්වයේ සිටි මව, දියණිය සහ ඥාති දියණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත. පියා මේ වනවිට රඹුක්කන රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබයි.

මීට අමතරව පොල්ගහවෙල ප්‍රදේශයේ ගංවතුර හේතුවන් අවතැන්ව සිටි පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින 143 වැනි බලසේනාවේ සෙබළුන් ඡායාරූපවලින් දැක්වේ.

 270 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply