පසුගිය කාලයේදී ඇතැම් දිනවල සිදුකළ පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 1000 – 1500 අතර පැවති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. නමුත් දෛනිකව සිදුකළ හැකි පීසීආර් පරීක්ෂණ ධාරිතාවය 3000 කට වඩා වැඩි අගයකට තිබණු බවත් එවැනි විශාල ධාරිතාවයක් තිබියදීත් ප්‍රමාණවත් තරම් පරීක්ෂණ සිදු නොකිරීමේ ප්‍රතිවිපාක අත්විඳීමට සිදුව ඇති බවත් ඔහු සදහන් කරයි.

මේ වනවිට රට තුළ නිර්මානය වී ඇති කොවිඩ් පොකුර අතිශය බරපතල බවත්, එම පොකුර ඇතිවූයේ කෙසේද යන්න තවමත් හඳුනා ගැනීමට න‍ොහැකි වී ඇති බවත් ඔහු පවසනවා. මෙමෙ තතවය ඔස්සේ මේ වනවිට රටපුරා ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත වී ඇති බව පෙන්වා දෙන වෛද්‍යවරයා පවසන්නේ ඒ හරහා තවත් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි.

“පසුගිය කාලයේදී බොහෝ දෙනා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සම්බන්ධයෙන් එතරම් සැළකිල්ලක් නොදැක්වූ බවත් බොහෝ ස්ථානවලදී මුඛ ආවරණ පළඳින පුද්ගලයන් සුළුතරය බවට පත් වූ බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් මත්පැන් හල් වසා දැමීමට සිදුවනු ඇති බවත් මත්පැන් හල් වෙත රැස්වන සුළුතරය හේතුවෙන් බහුතරයකට සිදුවන බලපෑම බරපතල බවත් ඔහුවැඩිදුරත් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here