අබුඩාබි ක්‍රීඩාංගණයේ තණතීරු සකස් කරන්නාගේ අභිරහස් මරණයට වගකිව යුත්තේ කවුද ?

ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර විස්සයි 20 ලෝක කුසලාන තරගයට පැය කිහිපයකට පෙර අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රධාන භාරකරු මොහාන් සිං සිය කාමරයේ මියගොස් සිටියදී සොයා ගනු ලැබුවා.

ඉන්දීයාවේ, උත්තරකාන්ද් ප්‍රාන්තයේ ජීවත් වූ 45 හැවිරිදි මොහාන් සිං 2004 වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යාමට පෙර මොහාලි හි හිටපු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන තණතීරු භාරකරු වූ ඩල්ජිත් සිං සමඟ සමිපව කටයුතු කළ අයෙක් බවටයි වාර්තා වන්නේ.

1994 වසරේ සිට ඉන්දියාවේ පංජාබ් ක්‍රිඩාංගනයේ තණතිරු භාරකරුවෙකු වශයෙන් ලැබු පුහුණුවෙන් පසුව මොහාන් සිං වසර 15 ක් අබුඩාබි ක්‍රිකට් පිටියේ  සේවය කර ඇති අතර එම කාලය තුළ එහි සාර්ථකත්වය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ අයෙකු ලෙසයි සැලකෙන්නේ.

පසුගිය ඉරිදා පැවති ICC T20 ලෝක කුසලාන සුපිරි 12 වටයේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟයේ දි තණතීරුව සකස් කිරීම භාරව සිටියේ මොහාන් සිං ය.

“මෝහන් සිං අද උදෑසනම ක්‍රීඩාංගණයට පැමිණ පිටිය සහ තණතිලි ක්‍රීඩා කරමින් සිටියා. එයා අපිට වැඩපිළිවෙලවල් ගැන කතා කරලා ආපහු ගියා. ඔහු එම ස්ථානයට නැවත නොපැමිණීමත් සමඟ ඔහුගේ කාමරයට ගොස් බැලීමේදි ඔහු ඔහුගේ සිවිලිමේ එල්ලී සිටිනු දක්නට ලැබුණා. “ ඒ ඔහු සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අවසන් වරට ලැබූ ප්‍රවෘත්තියයි.

“පසුගිය මාස හතරක කාලය තුළ ඔහු දැඩි මානසික අවපීඩනයෙන් පසුවූ බව අපට දැනගන්නට ලැබුණා. මේ අතර ඉරිදා නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟය ඉන්දියාවට ඉතා තිරණාත්මක තරගයක් වුවා. මෙම තරගයේදි ඇෆ්ගනිස්ථානය  ජයගතහොත් ඉන්දියවට අවසන් වටයට පිවිසිමට හැකියවක් පවතින නිසා තරඟයේ දි නවසීලන්තය අවසන් වටයට පිවිසීමට සහ ඉවත් කිරීමට නවසීලන්තයට එරෙහිව තණතීරුව සකස් කිරීමට මොහොන් සිංට කිසියම් පාර්ශවයකගෙන් පීඩනයක් එල්ල්වුවා ද කියා ඇතැම් සමාජ මාධ්‍ය ජාලා තුල අදහස් පලවී තිබෙනවා.

“එය සියදිවි නසාගැනීමකින් සිදු වූ මරණයක් ද යන්න තහවුරු කර ගත හැක්කේ ප්‍රාදේශීය පොලිස් බලධාරීහු සිය විමර්ශන අවසන් කිරීමෙන් පසුව බවයි” තරඟාවලි සංවිධායකයින්ට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබුණේ.

කෙසේ නමුත් අවසානයේදි ඇෆ්ගනිස්ථානය පරාජයට පත්කරමින් ඉන්දියාවේ සිහිනබොඳ කරමින් නවසිලන්ත මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය.

අබුඩාබි ක්‍රිකට් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද ඔහුට උපහාර දැක්වුවද මරණයට හේතුව හෙළි කර සිටියේ නෑ. මොහාන් සිං ගේ බිරිඳ සහ දියණිය ළඟදීම අබුඩාබි වෙත ළඟා වීමට නියමිතයි.

 432 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply