ඩොලර් රුපියල් කිරීමේ නව නීතිය සම්බන්ධයෙන් මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්!

මෙරට භාණ්ඩ හා සේවා අපනයනකරුවන් සඳහා බලපවත්වන පරිදි පසුගිය ඔක්තෝම්බර් 29 වන දා නිකුත් කෙරුණු නව නීතියට අනුව අපනයන ආදායමේ ශේෂය එළඹෙන මාසයේ 7 වන දිනට පෙර රුපියල් වලට හුවමාරු කළ යුතුයි

කෙසේ නමුත් මහබැංකුව මගින් ප්‍රකාශිත විනිමය අනුපාතිකය වන රුපියල් 203 කට සිය ඩොලර් හුවමාරු කිරීමට අපනයනකරුවන් මැලිකමක් දක්වන බවත් එමගින් විදේස් ගත ශ්‍රී ලාංකිකයන් ද සිය ප්‍රේෂණ වෙනත් අතකට යොමු කිරීමේ හැකියාවක් පවතින බවට විශ්ලේෂකයන් අනතුරු අගවනවා

කෙසේ නමුත් අපනයන ආදායම රුපියල් වලට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් පනවන ලද නව නීති රටට ප්‍රතිඵල රැසක් අත් කර දෙන බව මහ බැංකුව පවසන්නේ

එමෙන්ම, එමගින් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දිවයිනට එවන ප්‍රේෂණ සඳහා බලපෑමක් ඇති නොකරන බවයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ

කෙසේ නමුත් මහ බැංකුව පෙන්වා දෙන්නේ මෙලෙස විදේශ විනිමය දේශිය මුදලට හුවමාරු කිරීමේ ක්‍රමවේදයක් අසල්වැසි රට වල ද ක්‍රියාත්මකවන බවයි.

කොරෝනා වසංගනයේ බලපෑමෙන් මෙරට සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වූ යට එල්ල වී ඇත්තේ බරපතල බලපෑමක් විදේශ විනිමය සංචිතය පහත වැටිම ද එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකියි

මේ නිසා බාහිරව විදේශ මුදල් ලබා ගැනීමට මෙරට විදේශ විනිමය ආදායම් මත යැපීම ඉහළ නැංවිය යුතු බවයි මහ බැංකුව අවධාරණය කළේ.

 335 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply