ආණ්ඩුව සමඟ එක්වීමට තමන් අදහස් කර නැතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම් රැුස්වීමේදී ඊයේ (05 දා) පවසා ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වූ දින 52 ආණ්ඩුවට පවා නොගොස් රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ තමා සිටි බවත් මේ අවස්ථාවේදී ද සජිත් පේ‍්‍රමදාස මහතා සමඟ සමගි ජනබලවේගයේ තවදුරටත් සිටින බවද පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී ඊයේ (05දා) පැවති කණ්ඩායම් රැුස්වීමේදී පවසා තිබේ.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තම සහෝදරයාට එරෙහිව චෝදනා එල්ල වුවත් ඒවා ඔප්පු කිරීමට සාක්‍ෂි කිසිවක් නැතැයි ද එලෙස සාක්‍ෂි තිබේ නම් තමාව සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට කිසිදු බාධාවක් නැතැයි ද මෙහිදී පවසා ඇත.

තමන් ආණ්ඩුව සමග එක්වන බවට සහ ජාතිවාදී නායකයන් ඉදිරියේදී ආණ්ඩුවට එක්වනු ඇතැයි සමඟි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවකදී කර ඇති ප‍්‍රකාශය මෙහිදී රිෂාඞ් බදියුදීන් මහතා දැඩි ලෙස කනගාටුව පළ කරමින් තිස්ස අත්තනායක මහතාට චෝදනා එල්ල කර තිබේ.

එහිදී විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසා ඇත්තේ සාක්‍ෂි නොමැති නම් සැකකරුවකු නිදහස් කිරීම ගැටලූවක් වශයෙන් තමා දකින්නේ නැති බවය.

මේ අතර ලබන සති අන්තයේදී බදුල්ලේ සහ මහනුවර දිස්ති‍්‍රක්ක කේන්ද්‍ර කර ගනිමින් සමඟි ජනබලවේගයේ වැඩසටහන් සෞඛ්‍ය හේතු මත කල් දැමීමට ද මෙම මන්තී‍්‍ර කණ්ඩායම් රැුස්වීමේදී තීරණය වී ඇත.