බදූර්දීන් මහතාගේ සහෝදරයාව නිදහස් කිරීම යනු පොලිසිය ලකුණු දමාගැනීමට ගොස් ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමක් වශයෙන් තමන් දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පවසයි. 

ඔහු මේ බව පැවසා තිබුණේ ඊයේ (05) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.  ඒ අනුව වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ සදහන් කර ඇත..

“මම විශ්වාස කරන්නෙ රිෂාඩ් බදූර්දීන් මහත්තයා සම්බන්ධයෙන් පොලිසිය අත පුච්චා ගන්නෙ නැතිව හිටියා නම් වඩා හොඳයි. මේ කාරණා වලින් ආණ්ඩුව තමයි අපකීර්තියට පත්වෙන්නෙ. රිෂාඩ් බදූර්දීන් මහත්තයාට මේ වගේ පුංචි සැලකීමක් කළා වගේ, ඩීල් එකක් කියලා වගේ කතාවක් තමයි ජනතාව ආණ්ඩුවට විරුද්ධව ඇඟිල්ල දික් කරන්නෙ. 

මට තේරෙන්නෙ නෑ ඇයි පොලිසිය මෙහෙම ක්‍රියාත්මක වෙන්නෙ කියලා. මේවා මේ කාරණා උසාවියට දාලා උසාවියෙන් තීරණය කළා නම් බොහොම අපූරුයි මේවා සාක්ෂි නෑ කියලා. අපටත් තියෙන ගැටළුව කොහොමද පොලිසිය තීරණය කරන්නෙ සාක්ෂි තියෙනවද නැද්ද කියලා ? පොලිසිය සාමාන්‍ය මිනිස්සුන්ගෙත් ඔය විදියට ඔහොම තීරණය කරනවද ? 

මට තේරෙන්නෙ පොලිසිය ලකුණු දාගන්න ගිහිල්ලා ආණ්ඩුව අපහසුතාවයට පත්කරන තත්වයක් තමයි අපට පේන්න තියෙන්නෙ. එකී ක්‍රියාවලිය පැහැදිලිවම තරයේ හෙළාදකිනවා”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here