පාසල් සිසුන් සහ ගුරුවරුන් PCR පරීක්ෂණයට

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ(04) දිනයේ තහවුරුවූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියගේ පාසලේ ඉගෙනුම ලබන සියලුම සිසු සිසුවියන්ට තමන්ගේ නිවෙස් තුලටම වී සිටින ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී ඇත.

කොරෝනා ආසාදිත මෙම සිසුවිය අධ්‍යාපනය ලබන පාසලේ ළමුන් 1600කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

සිසුවිය අධ්‍යාපනය ලැබු එම පාසැලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුන්ගේ සහ උගන්වනු ලැබූ ගුරු භවතුන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත පිරිසගේ ලැයිස්තුව පාසලේ විදුහල්පතිවරයා විසින් අද දිනයේදී ලබාදීමට නියමිත බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

 420 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply