ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (05) දිනයේද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව අද සවස 6.30ට මෙම රැස්වීම පැවැත්වෙන බව සියලුම මැතිඇමැතිවරුන්ට දැනුම් දී තිබේ.

මෙහිදී 20 වන සංශෝධනය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ජා කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

මීට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණද ඉකුත් වතාවේ සිට එය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේ පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here