පාස්කු ප්‍රෝඩාව ගැන හොයන්නත් වෙනමම කොමිසමක් පත්කළ යුතු යැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ කළ සංචාරයක් අතරතුර විපක්‍ෂ නායකවරයා කුලියාපිටිය ඇස්සැද්දුම ශ‍්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානයේ දී ඊයේ (04 ) මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව පවසා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස කියා සිටියේ විශේෂ ‘කොමිසම් පත්කරලා තියනවා විවිධ මාතෘකා යටතේ සොයාබැලීම් කරන්න. ඒත් සමගම නව කොමිසමක් පත්කළ යුතුව තිබෙනවා මේ පාස්කු ප‍්‍රහාරය පිළිබ`ද බොරු කියපු ප්‍රෝඩා කරපු අය ගැන සොයා බලන්න. ඒ මියගිය අහිංසක ජනතාවගේ මළ කඳන් උඩින් තමයි දේශපාලනය කරන්න මේ මහා ප්‍රෝඩාව සිදු කළේ. රිෂාඞ් බදියුදීන් මහතාගේ පවුලේ පිරිස ඔහු ඇතුළුව මැතිවරණයට පෙර ත‍්‍රස්තවාදීන්ට උදව් කළ අය. නමුත් අද වෙනකොට තත්ත්වය වෙනස් වෙලා. එ කාලේ සතොසෙන් හොරකම් කළා කියලත් කිව්වානෙ. අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන්ම කියනවා සාක්‍ෂි නැහැ කියලා.

මම හැමදාම කියන්නෙ අපේ සියලූ දෙනා හොඳ දෙමාපියන්ගෙ දරුවො. එ් අය පක්‍ෂයට පිටින් ගිහින් 20 සම්මත කරන්න උදව් දෙන්නෙ නැහැ. අපි හොඳ ස්ථාවරයක සිටින ශක්තිමත් විනයානුකූල විපක්‍ෂයක්. මෙතන හැම පක්‍ෂයකම කකුල් තියාගෙන ඉන්න පිරිසක් නැහැ. එ් සියලූ දෙනා කකුල් තියාගෙන ඉන්නෙ රටේ ජනතාවගේ ජාතික ආරක්‍ෂාව පැත්තෙ. දැන් හැමෝම කතා වෙන්නෙ 20 ගැනයි ඊට තුනෙන් දෙක හොයන එක ගැනයි. ඇත්තටම තුනෙන් දෙකට ආසන්න ජනවරමක් මේ ආණ්ඩුවට ලැබිලා තියනව වුණත් ඒක ලැබුණෙ අර කියපු පාස්කු ප්‍රෝඩාව මත. එ් නිසා එ්ක ජනතාවට බොරු කියලා ගත්ත ව්‍යාජ වරමක්. කහ ප‍්‍රශ්නයට විසඳුම් හොයන්න පොල් මිල පාලනය කරන්න තුනෙන් දෙක අවශ්‍ය නැහැ. ජනතාව ගැන සිතන්නට අවශ්‍යයි. කොහොම වුණත් අපි ජනවරමින් ජන ශක්තියෙන් මේ සදාචාරසම්පන්න නොවන 20 පරදනවාමයි.

එහිදී සුජීව සේනසිංහ මහතා ස්වාධීනව සිටීමට ගෙන ඇති තීරණය පිළිබඳවද මාධ්‍යවේදීන් නැ`ගූ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් පේ‍්‍රමදාස මහතා කියා සිටියේ මැතිවරණ පරාජය සමගින් ඕනෑම අයකුට ආවේගශීලී සිතුවිලි පැමිණුනත් සියල්ල කාලයාගේ ඇවෑමෙන් විසෙ`දන බවයි. කොවිඞ් සම්බන්ධව ප‍්‍රදේශ කීපයක ඇඳිරිනීතිය පනවා ඇති බැවින් කොවිඞ් පාලනය කර තිබුණත් මේ වනතෙක් එන්නතක් හෝ සොයා නොගත් පසුබිමක ආරක්‍ෂාකාරීව දිවිගෙවීම සුදුසු බවද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here