උතුරත් නැගෙනහිරත් සංවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමලුවක් පවත්වා එම පලාත්හි ඓතිහාසික සංවර්ධනයක් සිදු කිරීමට තමන් බලාපොරොත්තුවන බවට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ එලඹෙන ජනාධිපතිවරනය වෙනුවෙන් වවුනියාව යන්ස්ටාර් ක්‍රිඩාංගනයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් ජනතාව අමතිමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ,

‘අපි ජාතික සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතියි ජනතාවයි අතර සමබන්ධතාවයක් තියෙන්න ඕන ඒ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම ඒ තුලින් උතුරු සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවනවා නැගෙනහිරටත් එහෙමයි එලෙසින් රටේ සියලු පලාත්වල පිහුටුවනවා ඒ වගේම අපි ජනාධිපති ඒකක හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම පිහිටුවනවා.

හැමදාම දුප්පත්කම මෙහෙම තියෙන්න බැහැ ඒකෙන් මිදෙන්න ඕන අනිවාර්යෙන්ම සමෘද්ධි වැඩසටහනට අමතරව රණසිංහ ප්‍රෙමදාස ජනාධිපතිතුමන් ක්‍රියාත්මක කරපු ජනසවිය වැඩසටහනත් ක්‍රියාත්මක කරනවා .

මගේ පියාණන් තමයි මේ රටේ පාසල් යන දූ දරුවන්ට නිල ඇඳුමයි දිවා ආහාරයයි ලබා දුන්නේ මගේ ප්‍රතිවාදි අපේක්ෂකයා නියෝජනය කරන දේශපාලන කණ්ඩායම තමයි ඒ දිවා ආහාරය කපා දැමුවේ මම විශේෂයෙන්ම කියන්න ඕන මගේ පියානන්ට අවසන් කරන්නට බැරිවුන වැඩක් තියනවා මේ පාසල් දූදරුවන්ට ඒක මම ඊෂ්ඨ කරනවා.

16 වනදා ජයග්‍රහනයත් එක්ක මම පොරොන්දු වෙනවා පාසල් යන දූදරුවන්ට පාසල් නිලඇඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දිවා ආහාරයයි ඒ වගේම රටේම තියන පෙරපාසල් අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනයක් බවට පත් කරලා ඒ පාලිකාවන්ට ගුරුතුමියන්ට සහය පාලිකාවන්ට රජයේ අරමුදලකින් වේතන ගෙවලා පෙරපාසල් පද්දතියත් ශක්තිමත් කරලා පෙරපාසල් දරුවන්ටත් දිවා ආහාරය ලබා දී දැවන්තම සංවර්ධයක් සිදු කරනවා කියලා මම පොරොන්දු වෙනවා.

ජනරැලිය වෙනුවෙන් අමාත්‍යවරුන් වූ රිෂාඩ් බදියුදීන්, පී.හැරිසන්, රවුෆ් හකීම්, විජයකලා මහෙස්වරන්, මනොගනේෂණ්, පාරිලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ඩී.එම් ස්වාමිනදන් යන අය සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here