අපේ රටේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් .පසුගිය දිනවල වොලිබෝල් ගහන අහිංසක දරුවන් පිරිසකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරාම හුවමාරු වුණා.

එම වීඩියෝවේ තිබුනේ නොයෙකුත් කරදර හා අභියෝග මැද ගමේ ඉඳන් කොළඹ ඇවිල්ලා තරගාවලියේ අවසාන වටයටත් ඇවිල්ලා පරාජය දරාගෙන කියපු බොහොම දුක් බර කතාවක් .

මේ විදිහට පරාජය වෙන්න බලපාපු හේතු ගැන ඇහුවහම සැබැවින්ම ඒ පිළිබඳ ඇතිවුනේ දුකක් .මේ විදියට පරාජය වෙලා ගෙදර යන්න වුණේ මහා උස්සාව රතනපාල විද්‍යාලයේ 19 පහළ වොලිබෝල් කණ්ඩායමේ දුවා දරුවන්ට.

ඔවුන්ට බලපාපු දුෂ්කරතා ගැන එම පාසලේ පුහුණුකරු විදියට විදිහට කටයුතු කරපු ගුරුවරයා කියල තිබුනෙ මෙන්න මේ වගේ සංවේදී කතාවක්.

“මේ ළමයින්ට හරියට පෝෂණීය අහාර ලැබෙන්නේ නැ ,දුප්පත් හරිම අසරණයි.එක ළමයෙක්ගේ අම්මා කෙනෙක් ට අලියෙක් පහර දීලා අසරණ වෙලා ගෙදරට කන්න දෙන්න වැඩ කරන්න විදිහක් නෑ. මගේ මුළු මාසෙම පඩිය වගේම ගමේ මිනිස්සු දිරිමත් කරලා තමයි මේ තැනට මේ දරුවන් අරගෙන ආවේ .අපේ හීන 2023 ආස ආසියානු කනිෂ්ඨ ශූරතාව දිනාගන්න එක “

ඉතින් මේ දුක්බර කතාව අහපු ඩයලොග් ආයතනය මේ දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඔවුන්ගේ පුහුණුවීම් වලට අවශ්‍ය කරන සියලු පහසුකම් ලබා දෙන්න ඉතාමත් කඩිනමින් ඉදිරිපත් වී තිබුණා .

ඩයලොග් ආයතනයට ස්තුතිවන්ත වෙන්න දවසක මේ දුවාදරුවන් ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් රටේ ඉහළම තැනකට ඔසවා තබනවා දැකීමට ඔබටත් මටත් වාසනාව උදාවේවි .

ඡායාරූප පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here