බ්‍රිගේඩියර්වරු 08ක් මේජර් ජෙනරාල් නිලයට!

ශ්‍රී ලංකා යුද හමුදා 72 වැනි සංවත්සරයට සමගාමීව බි්‍රගේඩියර් නිලයේ සිට මේජර් ජෙනරාල් නිලය දක්වා උසස්වීම් ලද නව මේජර් ජෙනරාල්වරුන් අට දෙනා හට නිල ලාංඡන පැලඳවීම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සිදු කෙරිණි.

72 වැනි යුද හමුදා සංවත්සරය එළැඹීමට පැය කිහිපයකට ප්‍රථම සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ අනුමැතිය යටතේ මෙම උසස්වීම් ලබාදී තිබිණි.

මෙලෙස මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලද නිලධාරීන් අටදෙනා මෙසේය.

යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ, අධ්‍යක්‍ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකායේ මේජර් ජෙනරාල් ප්‍රියන්ත වීරසිංහ, ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති – මුලතිව්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන්, සන්නද්ධ බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල් සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් ජෙනරාල් රොබින් ජයසූරිය, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක, ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් සංජය ප්‍රනාන්දු, 58 වැනි සේනාංකයේ සේනාංකාධිපති, විජයබාහු පාබළ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර, 66 වැනි සේනාංකයේ සේනාංකාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු සහ 52 වැනි සේනාංකයේ සේනාංකාධිපති, ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ යන ජේ‍යෂ්ඨ නිලධාරීන් මෙලෙස නව මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබීය.

 370 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply