පාස්කු ප්‍රහාරයට ආදළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් නිදහස් කිරිම සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය අප්‍රසාදය පළ කර ඇත.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ මෙලෙස පුද්ගලයින් නිදහස් කිරීම කිරීම පිටුපස දේශපාලන ගණුදෙනුවක් ඇතැයි තමන්ට සැක සිතෙන බවය.

ඊයේ (03) පෙරවරුවේ කොළඹ අගදරගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව සඳහන් කර තිබේ

මෙහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට ද පිළිතුරු දෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ ආදාළ පරීක්ෂණ කටයුතු නිසි පරිදි සිදු කරන ලෙසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here