“ලෝක මිල ශීඝ්‍රයෙන් ඉහළට” – තෙල් සංස්ථාවේ මේ මාසයේ පාඩුව කෝටි 1,000 පනී!

* දෙසැම්බරයට පෙර බොරතෙල් බැරලය ඩොලර් 100ට යයි
* සංස්ථාව රාජ්‍ය බැංකුවලට කෝටි 3,600ක් ණයයි

මිල වැඩි වීමක් ඕනෑ
– සභාපති සුමිත් කියයි

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා මේ මාසයේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩුව කෝටි 1,000 ඉක්මවා යනු ඇතැයි සංස්ථාව ගණන් බලා තිබේ.

නමුත් ලෝකයේ තෙල් මිල ඉහළ යෑමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ නොදමා ජනතාවට තවදුරටටත් ඉන්ධන මිල සහනය දීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි තෙල් සංස්ථාව කියා සිටී.

කොවිඩ් වසංගතය නිසා මේ වසර අවසන් වන්නට පෙර බොරතෙල් බැරලයක මිල ඩොලර් සියය ඉක්මවා යනු ඇතැයි තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘දිනමිණ’ට පැවසීය.

ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට අනුව මෙරට ඉන්ධන මිල ඉහළ නොදමන නිසා සෑම මාසයකදීම තෙල් සංස්ථාව රුපියල් කෝටි හත්සියය, අටසියය ආදි වශයෙන් පාඩු ලබන අතර, මේ වනවිට සංස්ථාව රජයේ බැංකු දෙකට රුපියල් කෝටි 3,600ක මුදලක් ණයවී සිටින බවද හෙතෙම තවදුරටත් පැවසීය.

මේ අතර ඉකුත් වසර හතක කාලයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා වසංගතය නිසා මෙයාකාරයට බොරතෙල් මිල ඉහළ ගොස් ඇති අතර, ඉදිරි මාස දෙකේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් සියය ඉකමවා යනු ඇතැයි ඔපෙක් හා බ්‍රෙන්ට් වෙළෙඳපොළ ප්‍රකාශකයින් විශ්වාසය පළ කර ඇත.

පවතින තත්ත්වය හමුවේ මෙරට ඉන්ධන මිලද ඉහළ දැමිය යුතුව ඇතැයි තෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා කියා සිටියේය.

 818 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply