“ජනධිපති එහෙම කිව්වේ නෑ” ඇත්ත කතාව ඩලස් හෙළි කරයි!

ජනාධිපතිවරයා කිසිදු ස්ථානයක තමන් අසමත් බව ප්‍රකාශ කර නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ, එය නිවැරදි කිරීම සුදුසු බවය.

ප්‍රශ්නය: ජනාධිපතිතුමා සඳහන් කළා එතුමා අසමත් වූ බව, තමන් පොරොන්දු වූ කිසි දෙයක් ජනතාවට ඉටු කරන්නට බැරි වූ බව එතුමා ම ස්වයං විවේචනයකින් ප්‍රකාශ කළා. මේ ඉඟි බිඟි පාන්නේ ජනාධිපතිතුමා තනතුර අතහරින්න ද?

පිළීතුර: “ජනාධිපතිතුමා කිව්වේ ජනතාව 69 ලක්ෂයක් ඡන්දේ දීලා ආණ්ඩුවක් කෙරෙහි තිබ්බ බලාපොරොත්තුව ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්නට නොහැකි වීම මමත් අපේ කැබිනට් මණ්ඩලයත් පිළිගත යුතුයි කියලා. ඒක ඉතා ම නිහතමානී විවේචනයක්. ස්වයං විවේචනයක්. ඒකට එවැනි ආකාරයේ අර්ථ නිරූපණයක් දීම ගැන මම හිතන්නේ නැහැ යුක්ති සහගතයි සහ සාධාරණයි කියලා.”

කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් බවය.

යම් හෙයකින් අඩුපාඩුවක් වී ඇත්නම් එය පිළිගත යුතුව ඇති අතර එය නිහතමානීකම සහ ජනතාවට පක්ෂපාතී වීමේ ලක්ෂණයක් මිස එය දුර්වලකමක් හෝ ආණ්ඩුවේ අවසන් කාලය පිළිබඳ සංඥාවක් ලෙස භාර නොගන්නා බව ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

 541 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply