සුසන්තිකාට ක්‍රීඩා අමාත්‍යංශයේ තනතුරක්!

ඔලිම්පික් ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මහත්මියට ක්‍රීඩා අමාත්‍යංශයේ ජේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

මෙම පත් කිරීම පිළිබඳ යෝජනාවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.

මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවයි කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩක සුසන්තිකා ජයසිංහ මහත්මිය පසුගිය පාලන කාලය තුළ ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස ද කටයුතු කළා.

 1,001 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply