අමෙරිකානු සංචාරකයා පැය 5න් ආපසු ගියේ ඇයි?

ශ්‍රී ලංකාවට පැමිණි අමෙරිකානු සංචාරකයකු පැය 05 කින් ආපසු යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරඹන්නැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

පසුගිය 07 වැනිදා මෙරටට පැමිණි ජෝර්ජ් නමැති අමෙරිකානු ජාතික සංචාරකයකු ශ්‍රී ලංකාවේ දී මුහුණ දුන්නේ යැයි කියන අපහසුතාවන් පිළිබඳ ඔහු විසින් සිදුකරන ලද ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍යවල පුළුල් ලෙස ප්‍රචාරය වෙන බැවින් මෙම විමර්ශනය කඩිනමින් සිදු කර වාර්තාවක් තමන්ට දෙන ලෙසද ඇමැතිවරයා උපදෙස් දී ඇත.

එම සංචාරකයා එහිදී ප්‍රකාශ කරන්නේ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි තමන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම සහ සිය නියෝජිත ආයතනය සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා පැය 05ක කාලය තුළ ආපසු ගිය බවයි.

ඇමැතිවරයාගේ උපදෙස් පරිදි දැනටමත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

 537 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply