ඉන්ධන මිල වැඩි කළොත් ගාස්තු වැඩිකරන බව බස් සංගම් කියයි!

ඉන්ධන මිල වැඩි කිරීමට රජය කටයුතු කළහොත් බස් ගාස්තුව ද වැඩි කිරීමට සිදුවන බව බස් සංගම් පවසනවා. වර්තමානයේ බස් කර්මාන්තය අභියෝග රැසක් මත ක්‍රියාත්මක වන බවයි බස් සංගම් පෙන්වා දෙන්නේ.

ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කලේ ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් ඇති බැවින් ඉදිරියේදී බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරිමට සිදුවෙනු ඇති බවයි. මේ වන විටද බස් ධාවනය සිදුවන්නේ සීයයට 30ක් බව පැවසූ සභාපතිවරයා බස් කේෂ්ත්‍රයට අදාළ අමතර කොටස් සහ ටයර් මිලද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කර සිටියා.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ද පැවසුවේ ඉන්ධන මිල ඉහළ නැංවුවහොත් පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය බරපතළ ගැටළුවකට මුහුණ දෙනු ඇති බවයි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණයක් ගෙන නොමැති බවයි. එමෙන්ම පසුගිය අවස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසු බස් හිමියන් සමග සාකච්ජාකොට ගාස්තු සංශෝධනයක් සිදු නොකළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

යම් හෙයකින් ඉන්ධන ගාස්තු වැඩි කිරීමට සිදුවුවහොත් ඩිසල්වලට මිල වැඩි නොකර එම පාඩුව රජය විසින් දරාගෙන බස් ගාස්තු ඉහළ දැමීමක් සිදුනොකර සිටීමට උත්සහ දරන බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමට රජය කටයුතු කළහොත් පාසල් ආරම්භ වීමෙන් පසු පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන්රථ සේවාවල ගාස්තු ද ඉහළ නංවන බවයි සංමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල් මල්ශ්‍රී ද සිල්වා පැවසුවේ.

 302 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply