සංචාරයට හොඳ ම රටවල් 20න් 5 වන තැන ශ්‍රී ලංකාවට!

ලොව සංචාරය කළ හැකි හොඳ ම රටවල් 20න් මුල් 5 අතරට ශ්‍රී ලංකාවත් එක්ව ඇති අතර Condé Nast Traveler සඟරාව විසින් පවත්වනු ලැබූ Readers’ Choice 2021 ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවට 5 වන ස්ථානය හිමිව තිබේ.

ඒ අනුව පළමු ස්ථානයට පත්ව ඇත්තේ පෘතුගාලයයි.

නවසීලන්තය, ජපානය සහ මොරොක්කෝව යන රටවලට පිළිවෙළින් 2, 3, 4 යන ස්ථාන හිමිව ඇත. 

ශ්‍රී ලංකාව ලෝකයේ හොඳ ම සුවතා ගමනාන්තයක් ලෙස ද තෝරා ගැනුණි.

පසුගිය වසරේදී ද Condé Nast Traveler සඟරාව පැවැත් වූ Readers’ Choice ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව හොඳ ම ගමනාන්තයක් ලෙස ශ්‍රේණිගත කිරීම් කර තිබිණි. 

ලොව පුරා ව්‍යාප්තව පවතින Condé Nast Traveler සඟරාව සිය පාඨකයන්ගේ තේරීම මත මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.

 286 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply