යොහානිට වටිනා තෑග්ගක්!

“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලොව පුරා ජනාදරයට පත්ව සිටින යොහානිද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට ජීවිත කාලයටම වැදගත්වන මතක හිටින ත්‍යාගයක් ලබාදීම අපේක්ෂාව බව ජාතික උරුම,ප්‍රසංග කලා හා ග්‍රාමිය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසීය.

තමා මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග සාකච්ඡා කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

සම්මානයකට එහා ගිය දෙයක් ඇයට ලබාදීමට බලාපොරොත්තු වන බව පැවසු රාජ්‍ය ඇමැතිවරයා එම තෑග්ග කුමක්දැයි ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවද පැවසුවේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙනයමින් ඇය කළ සේවය තමා ඉහළින් අගය කරන බවද වික්‍රමනායක මහතා කීවේය.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා යොහානිද සිල්වා ගායන ශිල්පිනියට රාජ්‍ය සම්මානයක් ලබා දෙන බව පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළේ‍ය.

 192 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply