සංචාරක ආකර්ෂණයෙන් ලොව සිව්වැනි තැන ශ්‍රී ලංකාවට!

ලොව සංචාරක ආකර්ෂණීය රටක් බවට යළිත් වරක් පත්වෙමින් මේ වර්ෂයේ ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාව පැමිණ තිබේ.

ඒ අනුව ආධ්‍යාත්මික සෞඛ්‍ය සම්බන්ධයෙන් වන කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව ලෝකයේ සිව්වැනි ස්ථානයට පැමිණ තිබෙන බව ගෝලීය සුවතා ආයතනය පවසයි.

ශ්‍රී ලංකාව මේ වසරේ ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත (Wellness Tourism Destination 2021) 05 අතරට එක්ව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගෝලිය සුවතා ආයතනය (Global Wellness Institute) මගින් මෙම නම් කිරිම සිදුකර තිබෙන අතර කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුව ලෝකයේ සංචාරකයන් වැඩි පිරිසක් මානසික හා ශරීර සෞඛ්‍යය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇත.

ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක් පුරා පැවතඑන ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය විද්‍යාව අනුව සුවතා සංචාරක ව්‍යාපාරයට වැඩි ඉඩක් වෙන්ව ඇති අතර එය දියුණු කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්තය ලෙස ඉන්දුනීයාවේ බාලි පත්ව තිබෙන අතර ඩොලමයිට් සහ ග්‍රීසිය ද ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පසුවෙයි. මේ අතර කොස්ටරිකා රාජ්‍ය එම ගමනාන්ත අතර ශ්‍රී ලංකාවට වඩා පසුපසින් පසු වෙයි.

 324 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply