“විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමක්” ජේතවන දාගැබ අසල ඇත්තටම වෙච්ච දේ මෙන්න!

අනුරාධපුර ඓතිහාසික ජේතවන ස්තූප පුදබිමේ උතුරු දොරටුව ප්‍රදේශය පෙරේදා (07) පෙරවරුවේ ඉදිකිරීම් යන්ත්‍රයක් යොදා බිම සකස් කිරීමත් සමග බරපතල ආන්දෝලනයක් ඇති වී තිබිණි.

ස්තූපයේ උතුරු දොරටුව ආසන්නයේ මෙම ගල් ඇල්ලීමේ ව්‍යාපෘතිය ජේතවන විහාරයේ නායක හිමයන්ගේ ඉල්ලීම ප්‍රකාරව අමාත්‍යාංශ මට්ටමේ මැදිහත් වීමකින් සිදුවන බව අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේය.

මේ පිළිබඳව අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ ඉන්ටර්ලොක් ව්‍යාපෘතිය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සහ මධ්‍යම සංස්කෘතික අරමුදලින් අනුමැතිය ලබා දී ඇති බවය.

එහි දී එම භූමියේ පස් තුනී කිරීමක් ඩොසර් දමා සිදු කර ඇති මුත් කැණිමක් සිදු වී නැති බවත්, පුරාවස්තුවලට හානි වී නැති බවත් ගුරුපැහැති මැටි ගාඩොලක් අල්ලන බැවින් භූ දර්ශනයට හානියක් නොවෙන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

 299 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply