රථ ගාලක් හදන්න ජේතවන ස්තූපයේ උතුරු දොරටුව ළඟ බැකෝවලින් හාරයි!

අනුරාධපුර ජේතවන පුදබිමේ උතුරු ‍දොරටුව ප්‍රදේශය පෙරේදා (ඔක්. 7) පෙරවරුවේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් හාරා පස් ඉවත් කරමින් කරන ලද විනාශය පිළිබඳව පූජා නගර ප්‍රදේශවාසීන් මෙන් ම, දෙස්-විදෙස් සංචාරකයෝ ද දැඩි විමතිය හා කනස්සල්ල පළ කළහ.

ජේතවන ස්තූපය බුදුන් වහන්සේගේ පටී ධාතූන් වහන්සේ තැන්පත් කර ක්‍රි.ව. 3 වන ශත වර්ෂයේදී මහසෙන් මහරජතුමන් විසින් ඉදිකරන ලද්දකි. එය ගඩොලින් නිර්මාණය කරන ලද ලෝකයේ විශාලතම ස්මාරකය වශයෙන් විරුදාවලි ලබා ඇති අතර ලෝක උරුම ස්ථානයක් ලෙස යුනෙස්කෝ සංවිධානය ලෙසින් ප්‍රකාශයට පත්කර ඇති උරුම ස්ථානයකි. 

ස්තූපයේ උතුරු ‍දොරටුව ආසන්නයේ අඩි දෙකහමාරක්, තුනක් පමණ ගැඹුරට බැකෝ යන්ත්‍ර මගින් හෑරීම නිසා භූගත ස්මාරකවල කොටස් ගැලවී එම පැරණි ගඩොල් කැබලි වී මතුපිටට පැමිණ ඇති බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති.

මේ පිළිබඳව අප කළ විමසීමේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරියෙකු පැවසුවේ, මෙම ස්ථානයේ රථ ගාලක් ඉදිකිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි.

එහෙත් මෙලෙස විශාල යන්ත්‍ර යොදාගනිමින් මෙම පුරාවිද්‍යා භූමිය විනාශ වනසේ පස් ඉවත් කිරීමට කිසිවෙකුත් අවසරදී නැතැයි පැවසූ එම නිලධාරියා මේ කාර්ය කරන්නේ කවුරුන් විසින් දැයි ඇසූ පැනයට පිළිතුරක් නොදුන් අතර ඊට පිළිතුරු දීමට ඔහු දැඩි බියක් දැක්වී ය.

මේ පිළිබඳව කරුණු දැනගැනීම සඳහා ජේතවන විහාරාධිපතීන් වහන්සේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරු මැද සහකාර අධ්‍යක්‍ෂවරයා හා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දුරකතනයෙන් සම්බන්ධ කිරීමට කිහිප වතාවක් උත්සාහ කළ ද ඒ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ විය.

 359 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply