යාපනයේ භට පිරිසගෙන් අඩුආදායම්ලාභී පවුලක් වෙත නව නිවසක්!

අඩුආදායම්ලාභී පවුල් සදහා නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතිය යටතේ යුදහමුදාවේ  “හිසට සෙවනක්“ සංකල්පය මත පලෙයි, වෙම්බඩිකර්ණි ප්‍රදේශයේ ඉදිකරණ ලද නව නිවස ශ්‍රී ලංකා යුද හමුදාවේ 72වන සංවත්සරයට සමගාමීව නිසයේ අර්ථලාභි මුත්තයියා විජයකුමාර් හහට පරිත්‍යාග කිරීම සිදුවිය. 

 යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(08) එය සිදුකෙරුණි.  මෙම නිවස ඉදිකිරීම සදහා කොඩිකාමම් මහජන බැංකුවේ කළමණාකාර සිවානන්තරාජා ගෝබික්‍රිෂ්ණා මහතා, යාපනය වෙළෙඳ ව්‍යාපාරික වාමදේව තියාගේන්ද්‍රන් මහතා, රජිව් සේනාධිරාජා මහතා සහ ගැමුණු හේවා බලකාය විසින් මූල්‍ය දායකත්වය ලබා දී තිබේ.  

55වන පාබල සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් මහින්ද ජයවර්ධන මහතාගේ උපදෙස් පරිදි 552වන පාබල බල සේනාවේ අධීක්ෂණය යටතේ 23වන ගැමුණු හේවා බලකායේ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත.  අර්ථලාභීන් හට විශේෂ ත්‍යාග සහ ඔවුන්ගේ දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කිරීම ආඥාපතිවරයා විසින් සිදු කළේය. 

 927 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply