ශ‍්‍රී ලංකාවේ අවසන් සටන හෙට මාලදිවයින සමග!

මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි ජාතික ක‍්‍රීඩාංගණයේදී දැන් ක‍්‍රියාත්මක 13 වැනි දකුණු ආසියාතික රටවල පාපන්දු තරගාවලිය හෙවත් සාෆ් ශූරතාවලියේ 07 වැනි තරගය හෙට (10) පස්වරු 04.30 ට පැවැත්වෙන අතර එහිදී සත්කාරක මාලදිවයිනට එරෙහිව ශ‍්‍රී ලංකාව සටන් වදී.

මෙවර තරගාවලියේ මූලික වටය යටතේ ශ‍්‍රී ලංකාව මුහුණ දෙන සිව් වන හෙවත් අවසන් තරගය මෙය වන අතර මාලදිවයින තම තෙවන තරගය සඳහා පිටියට අවතීර්ණ වෙයි.

ලෝක ශේණිගත කිරීම් අනුව 158 වැනි ස්ථානය හිමි කර ගනිමින් පසු ගිය වර සාෆ් පාපන්දු ශූරතා කුසලානයට ද හිමිකම් කියන මාලදිවයින ට එරෙහිව හෙට (10) පැවැත්වෙන තරගයේ දී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් පෙරළිකාර ක‍්‍රීඩා රටාවක නිරත වනු ඇතැයි අනුමාන කළ හැකිය.

පෙරේදා (07) දිනයේ ඉන්දියාවට එරෙහිව දියත් කරන ලද සටන්කාමීත්වය හෙට දිනයේ දී ද රඳවා තබා ගැනීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා නිසි එල්ලය සහිත පන්දු යොමු කිරීම් මුසු කළ යුතුමය.

මේ වන විට ප‍්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින නේපාලය ලබා සිටින ලකුණු සංඛ්‍යාව 06 කි. ඒ තවත් තරග 02 ක් ඉතිරිව තිබෙන පරිසරයක් තුළය. බංග්ලාදේශය ප‍්‍රසාද ලකුණු 04 ක් ලබා සිටින අතර මාලදිවයින ට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 03 කි.

ආරම්භක තරඟයේ දී නේපාලය හමුවේ ගෝල් 01 – 00 ක් ලෙස පරාජය ලැබූ මාලදිවයින පෙරේදා පැවති තරඟයේ දී ප‍්‍රබල බංග්ලාදේශය ගෝල් 02 – 00 කින් පරාජය කරමින් අදාළ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව තහවුරු කර ගැනීමට සමත් විය.

ප‍්‍රසාද ලකුණු 03 කට හිමිකම් කියන මාලදිවයිනට ද හෙට තරගය අතිශයින්ම වැදගත් වේ.

හෙට ප:ව: 09.00 ට ඉන්දියාව සහ නේපාලය අතර තරගය ද පැවැත්වේ.

මේ අතර වාරයේ පෙරේදා (07* රාත‍්‍රී පැවැති දෙවන තරගයේදී ප‍්‍රබල බංග්ලාදේශය ගෝල් 02 – 00 ක් ලෙස පරාජය කිරීමට සත්කාරක මාලදිවයිනට හැකි විය. එය මාලදිවයින සටහන් කර ගත් පළමු ජයග‍්‍රහණයයි.

ඒ අනුව මෙවර තරගාවලියේදී බංග්ලාදේශය ලත් පළමු පරාජය ලෙස ද මෙය සටහන් වුණි.

 774 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply