“ඔබේ පක්ෂයේ ඔප්පුව මගෙ අතේ” – විහිළු නවත්තන්නැයි ඩයනා සජබ සැමට කියයි!

”සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණයක් අරන් තියෙනවලු මාව පක්ෂයෙන් එළියට දාන්න. සජබ මහලේකම් ඇතුළු පක්ෂයේ සියලු දෙනාට ම කියන්න කැමැතියි ඔප්පුව තියෙන්නේ මගේ අතේ කියලා. මේක මගේත්, මගෙ මහත්තයාගේත් පක්ෂය. මේ කරන විහිළු නවත්තන්නැයි”, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී පැවැසුවා ය.

ඩයනා ගමගේ මහත්මිය පක්ෂයෙන් නෙරපනු ලැබූ බවට මාධ්‍ය හරහා පළ වූ පුවතකට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවැසුවා ය.

මන්ත්‍රීවරිය මෙසේ ද කීවා ය.

“සජබෙට අද ඇති වෙන්න ප්‍රශ්න තියෙනවා. නායකයාට වැඩපිළිවෙළක් නෑ. අපේ ජාතික පෙරමුණ මම නොදුන්නා නම් භාගෙට භාගයක් අද නාමයෝජනා නෑ. මම සජබ පඹයෙක් නොවෙයි. යාවජීව සාමාජිකාවක්. 

හරියට මහවැස්සක් අතරතුර නන්නත්තාර වෙලා හිටපු කොටසකට මගේ ගෙදර ඉන්න ඉඩ දුන්න ම ඒ කණ්ඩායම මම එළියට ගිය පසු මගේ යතුරු මාරු කරලා මාව එළියට ඇදලා දමන තත්වෙක තමයි මේ පක්ෂය අද කටයුතු කරල තිබෙන්නේ.

මට හරි පුදුමයි අපේ මහලේකම්තුමා ගැන. මට මාධ්‍යයෙන් කතා කරලා අහනවා ඔබතුමියට මොකක් ද පක්ෂය කරලා තියෙන්නේ කියලා. ඔබතුමිය පක්ෂයෙන් නෙරපුවා නේද කියලා අපිට ආරංචි කියලා මාධ්‍යය මට කිව්වා. මම දැන් තමයි හැම කාරණයක් ම දන්නේ.

ඇත්ත වශයෙන් ම ලැජ්ජයි. මහලේකම් සහ පක්ෂය මම ගැන තීන්දුවක් ගන්නවා නම් මා දැනුවත් කළ යුතුයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයෙ ගොඩක් අය ඒ ගැන දන්නේ නෑ.”

 445 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply