“කිරිපිටි මිල ඉහළ දමයි” – අද සිට බලපැවැත්වෙන මිල ගණන් මෙන්න!

කිරිපිටි කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ දැමූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසයි.

ඒ මහතා ප්‍රකාශ කළේ, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල ද රුපියල් 100කින් ඉහළ දැමූ බව ය. අදාළ මිල ගණන් අද (ඔක්. 9) සිට බලපැවැත්වෙන බව ඒ මහතා පැවසීය. 

ලක්ෂ්මන් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ, සඳුදා සිට හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට වෙළෙඳපොළෙන් කිරිපිටි මිල දී ගැනීමට අවස්ථාව සලසන බව ය.

නව මිල වැඩිවීම අනුව කිරිපිටි කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක මිල, රුපියල් 1195ක් වනු ඇත. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල, රුපියල් 480කි.

 339 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply