නිරූපමා රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසමට තවත් පැමිණිල්ලක්!

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂගේ සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන්ගේ ‘පැහැදිලි නොකළ බවට චෝදනා ලබා ඇති වත්කම්’ පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL), අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, ඊයේ (ඔක්. 7) දින එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවය.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් පැන්ඩෝරා ලිපි ලේඛන සම්බන්ධ හෙළිදරව්වෙන් අනාවරණය කර ඇති ගනුදෙනු, අල්ලස් පනතේ 23 (අ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි විය හැකි හෙයින් නිරූපමා රාජපක්ෂ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරූ කාල සීමාව තුළ ඇයගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශන පිළිබඳව සොයා බලන මෙන් TISL ආයතනය කොමිසමෙන් ඉල්ලා තිබේ.

තව ද TISL ආයතනය අවධාරණය කර ඇත්තේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභා පනතෙහි (CIABOC Act) 4 (1) වගන්තිය යටතේ හෝ අල්ලස් පනතෙහි රෙගුලාසි යටතේ හෝ වත්කම් බැරකම් ප්‍රකාශන නීතිය යටතේ මූලාශ්‍ර නොදන්නා ආදායම් මාර්ග හරහා අත්පත් කරගන්නා ධනය පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ බලතල ල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සතුව පවතින බව ය.

එමෙන් ම, අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ මහජන මුදල් වංචා කර ඒවා මෙම විදේශගත සුරක්‍ෂිතයන් තුළ විශුද්ධිකරණයට ලක් කර ඇති ද? යන්න ද විමර්ශනය කිරීමට පියවර ගත හැකි බවත් TISL ආයතනය සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

 382 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply