පාසල් විවෘත කිරීමට ගුරු සංගම්වලින් කොන්දේසියක්!

පාසල් ආරම්භයට පෙර ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධව සියලු පාර්ශව සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන්නැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

එලෙස සාකච්ඡාවක් නොකළහොත් පාසල් ආරම්භය සම්බන්ධයෙන් වෘත්තීය සමිති වශයෙන් ඔවුන් යම් තීරණයට එළඹෙන බව අද (ඔක්. 8) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය. 

තව ද මේ වන විට විවිධ කාර්යයන් සඳහා ගුරුවරුන් පාසල් වෙත කැඳවා ඇති බවත් වෘත්තීය සමිති වශයෙන් මෙවැනි කැඳවීම් සියල්ල ප්‍රතික්ෂේප කරන බවට අධ්‍යාපන ලේකම්වරයා සහ සියලු ම පළාත් ලේකම්වරු වෙත ⁣ලිඛිතව දැනුම්දී ඇති බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

“අපේ ගුරු – විදුහල්පති වෘත්තීය අරගලයට අදට දින 89යි. පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද දිනයේ දී ළමුන් 200ට අඩු පාසල්වල විදුහල්පතිවරු කැඳවලා තියෙනවා සාකච්ඡාවක් සඳහා. අපි දන්නවා 21 පාසල් ආරම්භ කිරීමට තමයි සැලසුම් කරන්නේ. අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ, වහා ම මේ ක්‍රියාවලිය කිරීමට පෙර සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා කර, මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්න කියන කාරණය අපි ඉතාමත් ම වගකීමෙන් කියනවා.

නැත්නම් වෙන්නේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපිට තීරණයක් ගන්න වෙනවා. මේ වෙනකොට ගුරුවරුන් විවිධ කාර්යයන් සඳහා පාසල්වලට කැඳවන්න යනවා. අපි අධ්‍යාපන ලේකම්වරයාටත් සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ටත් ලිඛිතව දැනුම් දුන්නා අද දිනයේ දී එවැනි කැඳවීම් සියල්ල අපි වර්ජනය කරනවා කියලා.”

 410 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply