DIG තනතුරුවලට කාන්තාවන් තිදෙනෙකු පත්කිරීම ගැන එක්සත් ජාතීන්ගේ ප්‍රසාදය!

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධිකාරක Hanna Singer-Hamdy මහත්මිය පසුගිය දා නව උසස්වීම් ලද කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් ⁣තිදෙනාට සුබ පැතුම් එක්කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ, සමානාත්මතාවයේ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී කාන්තාවන්ගේ දායකත්වය පිළිගැනීම සම්බන්ධව ඔවුන්ගේ මෙම උසස්වීම් ඉතා වැදගත් පියවරක් බව ය.

තව ද ස්ත්‍රී පුරුෂභාවය පදනම් කරගත් හිංසනය වැළැක්වීම සඳහා ප්‍රතිචාර දැක්වීමට සෑම තරාතිරමක ම කාන්තාවන්ගේ පූර්ණ හා එලදායී සහභාගීත්වයේ වැදගත්කම ද ඇය මෙහිදී අවධාරණය කර ඇත. 

මෙලෙස එකවර කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් ලෙස පත් වූ තිදෙනා වන්නේ, එන්.ඩී. සෙනෙවිරත්න, ඒ. ආර්. ජයසුන්දර සහ ඩබ්. ජේ. පද්මිණි යන මහත්මීන් ය.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට එකවර කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු පත් කළ ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

Congratulations to the 3 women promoted to Acting DIGs, an important step towards recognizing need for equality & contribution of women to law enforcement. Full & effective participation of women across all ranks leads to a more effective response to #GBV & measured use of force. pic.twitter.com/136Wi8c9oe— Hanaa Singer-Hamdy (@SingerHanaa) October 8, 2021

 579 total views,  5 views today

What’s your Reaction?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply