තායිවාන විලාසිතා සම්මාන උළෙලේ පළමු තැන ශ්‍රී ලාංකික තරුණියකට!

2021 තායිවානයේ විලාසිතා නිර්මාණ සම්මාන ප්‍රදානයේ (Taiwan Fashion Design Award) ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික විලාසිතා නිර්මාණ ශිල්පිනියක වන රුවන්ති පවිත්‍රා ගජධීර සමත්ව තිබේ. 

ඇමරිකානු, යුරෝපා සහ ආසියානු රටවල් 18ක 450ට අධික විලාසිතා නිර්මාණ ශිල්පීන් අතරින් රුවන්තිගේ “kǣli–A Sustainable Collection” යන එකතුව මෙලෙස ප්‍රථම ස්ථානය හිමි⁣ කරගෙන ඇති අතර ඇය ඒ සඳහා ඇ.ඩො. 10,000ක් වටිනා මුදල් ත්‍යාගයක් හිමි කරගෙන ඇත.

මෙරට දේශීය සංස්කෘතියට අයත් අත්කම්, බීරළු, සහ ස්වාභාවික සායම් වැනි දෑ සිය නිර්මාණවලට යොදාගැනීමට වැඩි උනන්දුවක් දක්වන වන ඇය මෙම සම්මානය නියෝජනය කර ඇති මෙන් ම ජයග්‍රහණය කර ඇති පළමු දකුණු ආසියාතික තරුණිය ද වේ.

මෙම සම්මානයට නිර්දේශිත අවසන් නිර්මාණ ප්‍රදර්ශන සතිය පසුගිය ඔක්. 6 වන දා තායිවානයේ තායිපේහි සොන්ග්ෂාන් සංස්කෘතික හා නිර්මාණ උද්‍යානයේදී අවසන්වී තිබේ.

2021 වසරේදී 35 වන වරට පවත්වා ඇති මෙම විලාසිතා නිර්මාණ සම්මාන ලබාදීම 1987 දී තායිවානයේ ප්‍රදේශීය තරගයක් ලෙස ආරම්භ කරන ලද්දකි.

එය 2013 වර්ෂයේදී ජාත්‍යන්තර තරගයක් ලෙස විවෘතව ඇති අතර ඒ අනුව මෙවර පවත්වා ඇත්තේ 9 වන ජාත්‍යන්තර තරගයයි.

තරගයේ 2 වන ස්ථානය යේ යූ-සියන් සහ චෙන් චිං-ලින් ඔවුන්ගේ “Mirage” සහ “Where have all flowers gone” යන නිර්මාණ එකතුවලට හිමි කරගෙන ඇති අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් 5,000 ක් වටිනා දෙවන ත්‍යාගක් හිමි කරගෙන ඇත.

තෙවන ස්ථානය ටුන්ග් ලී-රං, ලී ක්ලෙයාර් සහ ලායි මින් හාවෝ යන තිදෙනාට ම හිමිව ඇත්තේ පිළිවෙලින් හොඳ ම රෙදි, හොඳ ම රටාව සැකසීම සහ හොඳ ම වෙළෙඳපොළ හැකියාවන් සඳහා වන අතර ඒ සඳහා ඔවුන් ඇමරිකානු ඩොලර් 3,000 ක් වටිනා ත්‍යාගයක් හිමි කරගෙන ඇත.

 361 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply