ගුරු-විදුහල්පති වැටුප් සටනේ අවසන් විසඳුම සඳුදා!

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා ප්‍රධාන වෘත්තීය සමිති නියෝජිතයන් සමග අවසන් තීරණාත්මක සාකච්ඡාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා (ඔක්. 11) පෙරවරු 11.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

මේ සඳහා අග්‍රාමාත්‍යවරයා සමග අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා පත් කළ කැබිනට් අනු කමිටුවේ සාමාජිකයන් වන ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග හා මහින්ද අමරවීර ඇමතිවරු එක්වීමට නියමිතව සිටිති. 

ඊට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති නියෝජනය කරන නායකයන් වන ජෝෂෆ් ස්ටාලින්, මහින්ද ජයසිංහ ඇතුළු ප්‍රධාන නියෝජිතයන් සමග නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් සහභාගි වීමට නියමිත බව ද වාර්තා විය.

මෙම ගැටලුව විසඳීම අරමුණු කරගත් සජබ, ජවිපෙ, එජාප, ශ්‍රී ලනිප ඇතුළු පක්ෂ නායකයන් සහභාගි වූ විශේෂ සාකච්ඡා වටයක් ඉකුත් බදාදා වෘත්තීය සමිති නායකයන් සමග නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්විණි. 

එහිදී ද ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව එකවර ඉවත් කෙරෙන පූර්ණ විසඳුමකට යායුතු බව වෘත්තීය සමිති නියෝජිතයන් කරුණු දක්වා තිබිණි.

එම සාකච්ඡාවේ තොරතුරු මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් විසින් සිකුරාදා (ඔක්. 8) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට වාර්තා කිරීමෙන් අනතුරුව රජයේ පාර්ශ්වය, වෘත්තීය සමිති නායකයන් සමග පවත්වන තීරණාත්මක සාකච්ඡාව සඳුදා දිනයේදී කැඳවීමට තීරණය වී ඇත.

 352 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply