2021 LPL තරගාවලියට ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් 677ක් ලියාපදිංචි වෙයි!

2021 ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට අදාලව විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය මේ වන විට අවසන් ව තිබෙනවා.

තරගාවලිය අදාල ක්‍රීඩක තෝරා ගැනීම ලබන 29 වැනි දා පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

මේ වන විටත් විදෙස් ක්‍රීඩකයින් 677 දෙනෙකු මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ලියාපදිංචි වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙලෙස ලියාපදිංචි වූ විදෙස් ක්‍රීඩකයින් අතර ඇන්ඩෘ රසල්, ක්‍රිස් ගේල්, ෆෆ් ඩුප්ලසි, ඩේවිඩ් මලාන්, ශායි හෝප්, ෂේල්ඩන් කොට්රල්, සහිඩ් අෆ්රීඩි ,ෂොයිබ් මලික් වැනි විස්සයි විස්ස තරග රටාවේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් සිටිනවා.

මෙලෙස ලියාපදිංචි වූ ක්‍රීඩකයින් කණ්ඩායම් හිමිකරුවන් වෙත යොමු කිරීමෙන් අනතුරව එම ක්‍රීඩකයින්ගෙන් 200 දෙනෙකු ක්‍රීඩක තෝරා ගැනීම සඳහා යොමු කිරිමට නියමිතව තිබෙනවා.

මෙවර තරගාවලිය සඳහා දේශීය ක්‍රීඩකයින් 380 දෙනෙකු ද ලියාපදිංචි වී ඇති අතර තරගාවලිය ලබන දෙසැම්බර් මස 04 වැනිදා සිට 23 දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කළේ.

 361 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply