රිෂාඩ් බදූර්දීන් මහතාව වව්නියාවේ පැවති උත්සවයකදී හමුවූ අවස්ථාවේදී තමන් කතාබහ කළේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන නොව ජනතා ප්‍රශ්න ගැන පමණක් බවත් එය දෙස පටු කෝණයෙන් බලන අය තමන්ට අදාළ නොමැති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. 

රිෂාඩ් බදූර්දීන් මහතා හමුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඊයේ (02) නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබේ.

“ඒක මෙහෙමයි ඉතිං, ඕනෙ කෙනෙකුට ප්‍රවෘත්ති මවන්න පුළුවන්. අපි ඊයෙ ගියේ වව්නියාවෙ. ආණ්ඩුකාරවරු තුන්දෙනෙක්ම පැමිණියා එතෙන්ට. මහජනයා පත්කරපු සියලුම පක්ෂවල මන්ත්‍රීවරුනුත් පැමිණියා. ඉතිං මේ මන්ත්‍රීවරු පැමිණෙනකොට මේක මේ කවුද එන්නේ, මොනවගේ එක්කෙනෙක්ද කියලා අපට බලන්න බෑ. පටුව හිතන අය, පටුව දකින අය ගැන නම් මං නම් දන්නෙ නෑ එහෙම. 

අපට ඉතිං ඒක එහෙම 20 වෙනි සංශෝධනයට අදාළ නෑ ඒක කොහොමත්ම …. ඒවා කතා කළෙත් නෑ, කතා කළේ ජනතාවගේ ප්‍රශ්න” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.