“සියලු දෙනා එකට එක්වෙයි” ඉදිරි වසර තුන නව ජවයකින් පෙරට!

2019 නොවැම්බර් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙරට ජනාධිපති වන්නේ යහපාලකයින් වසර 5කට ආසන්න කාලයක් ආපස්සට ගෙනගිය  රට යලි නිසි මාවතට ගැනීමට සහ සමාජීය මෙන්ම ආර්ථික අහේනියට පමණක් නොව ත්‍රස්තවාදී අන්තවාදය ඔඩු දුවා තිබු රට යතා තත්වයට පත්කොට ජනතාවට සහ රටට සෞභාග්‍යමත් අනාගතයකට මඟ විවර කිරීමටය.

ඒ අවශ්‍යතාවය මනාව පෙන්නුම් කරමින් මෙරට ඉතිහාසයේ වැඩිම චන්ද ප්‍රමාණය ලබාදෙමින් 69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ හිඳුවා රට ගොඩ නගන වගකීම බාරදී මාස කිහිපයක් ගියතැන ලෝක ව්‍යාප්ත වසන්ගතයකින් සමස්ත ලෝකයම බැට කන්නට පටන් ගත් අතර එහි දරුණු ප්‍රතිඵල මෙරටටද අත් විඳීමට සිදුවිය. එහි ප්‍රතිඵල ලෙස යහපාලකයින් විසින් ආගාධයට ඇද දමා තිබු මෙරට ආර්ථිකය ඉතිහාසයේ කිසිම දිනක නැති තරමට කඩා වැටීමට කොවිඩ් වසංගතය හේතු වුයේ මෙරටට අදායම් ලැබෙන ප්‍රධාන මාර්ග වන සංචාරක කර්මාන්තය, අපනයන වෙළෙඳපොල, විදේශ ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ, හා සෘජු ආයෝජන යන සියලු මාර්ග අවහිර වීමත් සමඟිනි. 

අභියෝග වලට කොහොමත් බය නැතිව මුහුනදෙන රාජපක්‍ෂලා රටේ වාසනාවකට බලයට පැමිණීම නිසා රට සහ ජනතාව මේ තත්වයෙන් හෝ ආරක්ෂා වූ බව එදා ජනාධිපති වන්නට සිටි සමහරු දැන් කරන විහිලු සහගත ජවනිකා දකින විට අපට සිතේ. ගෝඨාභය ජනාධිපතිතුමා මහින්ද අගමැතිතුමා ඇතුළු රජය කඩිනම් හා සෘජු තීන්දු තීරණ ගෙන වසංගතය මේ වනවිට යම්තාක් දුරට පාලනය කොට ඇති අතර මෙරට කොවිඩ් මර්ධන වැඩසටහන් වලට පිටින් කටයුතු කල සහ අපේද සමහරක් හිස මුදුනේ තබාගෙන සිටි ඔස්ට්‍රේලියාව නවසීලන්තයද අවසානයේ වසංගතය මර්ධනයට  අප යන මඟ යන්නට තීන්දු කොට හමාරය. ඉන් විද්‍යාමාන වන්නේ අපේ රටේ නායකයාගේ දුර දක්නා නුවන බව කුහකත්වය හෝ දේශපාලන පක්ෂ පාට වලින් ඔලුව පුරුවා නොගත් ඕනෑම කෙනෙකුට නොතේරිය නොහැකිය.

ඒ කතාව එසේ වෙද්දී සෞභාග්‍යයේ දැක්ම කරපින්නාගෙන බලයට පැමිණි ගොටාභය රාජපක්ෂ ඇතුළු රජයට සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීම පැත්තක තබා වසර දෙකක් තිස්සේ සිදුවුයේ වසංගතයක් මර්ධනය කිරීමටය දැන් එය සාර්ථකව සිදුකොට හමාරය නමුත් වසර දෙකකට පසු හෝ යලි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින් රටේ 69 ලක්ෂයක් ජනතාව බලාපොරොත්තු වූ රට නිර්මාණය කළයුතුව ඇත. එයට ඇත්තේ වසර 3ක කාලයක් වුවද එය නිදහසට කාරනාවක් නොවන බව මතක් කල යුතුය.

කෙසේ නමුත් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ තත්වය සහ තමාගේ අනාගත ඉලක්ක මෙන්ම මෙතෙක් රජය හා රජයට සම්බන්ධ පාර්ශව කල කී දෑ සම්බන්ධව දීර්ඝ දේශනයක් පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වන අතර එහිදී ජනාධිපතිවරයා වසර දෙකක් තිස්සේ රජයේ පාර්ශවය සිදුකල හා සිදුවූ අඩුපාඩු මෙන්ම අතපසුවීම් පිළිබඳව ඉතා සංවේදී කතාවක් සිදුකොට ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් ජනතාව බලාපොරොත්තු වූ දේවල් ඉටු කිරීමට නොහැකිවූ බවත් අතපසුවීම් මෙන්ම අඩුපාඩු සියලුදෙනා අතින් සිදුව ඇති බවත් ඒවා නිදහසට කරුණු බවට පත් කරගැනීම වෙනුවට සියලුදෙනා එක්ව අඩුපාඩු හදාගෙන සම්මුතියෙන් හා සාමදානයෙන් ජනතා බලාපොරොත්තු ඉටු කරමින් රට ඉහලට ඔසවා තැබීමට කටයුතු කලයුතු බව පැහැදිලි කොට ඇත. එහිදී රජය නියෝජනය කරන සියලු පක්ෂ හා කණ්ඩායම් සිය පෞද්ගලික න්‍යායපත්‍ර ඉදිරි වසර තුන සඳහා අමතක කොට රට සහ ජනතාව වෙනුවෙන් නව ජවයකින් පෙරට යාමට එක් විය යුතු බව දන්වා ඇත.

වීඩියෝ තාක්ෂණයෙන් පවතී කැබිනට් හමුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සිය අදහස් දක්වා ඇති අතර බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ රජයේ ප්‍රධානම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශවයෙන්ද හවුල්කාර පක්ෂ සඳහා විවිධ අඩුපාඩු සිදුවී ඇති බවත් ඉදිරියට එසේ සිදු නොවීමට පියවර ගන්නා අතර සියලු පක්ෂ සාකච්චාවෙන් හා සම්මුතියෙන් එකට එක්ව රජයට චන්දය දුන් ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම පිණිස නව ජවයකින් ඉදිරියට යාමට සුදානම් බවයි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා පවසා ඇත්තේ රජයේ සියලු පක්ෂ විවෘත සංවාදයකට පැමිණ සාකචාවෙන් හා සම්මුතියෙන් ගැටළු විසඳා ගැනීමට ගන්නා ලද තීන්දුව අගය කරන බවයි. ඉදිරියට රජය ලෙස සාමුහික වගකීමක් දරමින් රට ගොඩ නැගීමට එකට එක්ව ගමනක් යාමට සහ ඉදිරි වසර තුන ජනතා අභිලාෂයන් ඉටු කරමින් රට ගොඩ නැගීමට සියලුදෙනා කපවියුතු ස්ථාවරයක සිට අදහස් දක්වා ඇත.

මේ අනුව ඉදිරි වසර තුනක කාලයතුල මඟහැරුණු වසර දෙකේ අඩුපාඩුද ආවරණය කරගනිමින් රටේ ආර්ථිකය ගොඩනගමින් හා සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රක්ෂයේ සඳහන් පරිදි ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් දේශයක් බවට පත්කිරීම සඳහා සියලුදෙනා එක්ව නව ජවයකින් ඉදිරියට යාම සියලුදෙනාගේ ඒකායන අරමුණ බවට පත්වනවානම් රටේ ජනතාවද සියලු වාද බේධ පසෙකලා ඒ ගමන යාමට අත්වැල් බැඳගනු ඇත. 

 952 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply