කිරිපිටි කිලෝවක මිල 1300ක් දක්වා වැඩිවන ලකුණු!

කිරිපිටි අලෙවි කරන මිල සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසයි. ඒ මහතා ප්‍රකාශ කළේ, අද (ඔක්. 8) පෙරවරු 11.00ට ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බව ය.

කෙසේ වෙතත්, කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් අඩංගු පැකට්ටුවක් රුපියල් 1,300ක උපරිමයකට යටත්ව ද ග්රෑම් 400යේ පැකට්ටුවක් රුපියල් 520ක උපරිමයකට යටත්ව ද මිල ඉහළ දැමීමට මූලිකව තීරණය කර ඇති බව ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර අදාළ මිල ගණන් ඉහත දැක්වූ මිලට වඩා වැඩි නොකරන බව ද ඔහු සඳහන් කළේ ය.

මීට පෙර කිරිපිටි කිලෝවක් සඳහා රුපියල් 350ක මිල වැඩිවීමක් පාරිභෝගික සේවා අධිකාරියෙන් කිරිපිටි ආනයනකරුවන් ඉල්ලා තිබුණු අතර රුපියල් 200ක මිල වැඩි කිරීමක් සඳහා එකඟතාවකට පැමිණ තිබිණි.

කිරිපිටි සඳහා පනවා තිබුණු පාලන අහෝසි කිරීමට ජනාධිපතිවරයා ඊයේ (ඔක්. 7) මෙවැනි තත්ත්වයක් යටතේ ය.

යම් හෙයකින් කිරිපිටි කිලෝවක මිල රුපියල් 1,300ක් දක්වා ඉහළ දැමුවහොත් කිරිපිටි කිලෝවක මිල රුපියල් 355කින් වැඩිවනු ඇත.

 207 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply