කිරිපිටි ඇතුළු සියලු බහාලුම් නිදහස් කර අවසන්!

කොළඹ වරායේ සිරවී තිබූ කිරිපිටි ඇතුළු සියලු බහාලුම් නිදහස් කර අවසන් බව මහ බැංකු අධිපති අ ජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක කිරිපිටි බහාලුමක් වරායේ රැඳී ඇති බවට කළ දැනුම් දීමකට අනුව, එය ද  අද (07) මුදල් ගෙවා නිදහස් කළ බවත්, ඒ අනුව මේ වන විට සියලුම බහාලුම් නිදහස් කර අවසන් බවත් මහබැංකු අධිපතිවරයා සඳහන් කළේය.

වරායේ සිරවී තිබූ බහාලුම් සඳහා මින් ඉහතදී ඩොලර් මිලියන 50ක මුදලක් රාජ්‍ය බැංකු දෙකකට මුදාහැරි බවද ඔහු පැවසීය.

කිරිපිටි රට තුළට පිවිස ඇති නමුත් තවමත් වෙළද පොළට නිකුත් වී නැත්තේ කුමන හේතුවක් මතද යන්න තහවුරු නොවුණත් වරායේ සිරවී තිබූ සියලු බහාලුම් නිදහස් කිරීමට මහ බැංකුවෙන් මුදල් නිදහස් කළ බවද මහ බැංකු අධිපතිවරයා සදහන් කළේය.

මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කරන ලද වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (07) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

 258 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply