ක්‍රිකට් මැච් එකක මුල් ඕවර් 10ට විකට් 4ක් ගියොත් ඉනිම ගොඩනගනවා වගේ තමයි දැන් අපිත් ආර්ථිකය ගොඩනගන්නේ!

පීඩනයක් එන අවස්ථාවක කටයුතු කළ යුතු ක්‍රමය දන්නා අතර එය හරියට ඕවර් 50ක ක්‍රිකට් මැච් එකක මුල් ඕවර් 10 තුළ විකට් 4ක් ගියොත් වේගයෙන් පහර දීම වෙනුවට ඉනිම ගොඩනගනවා මෙන් ක්‍රියා කිරීමක් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.

මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවති සකච්ජවෙදිය.

දැනටමත් රටට මුදල් ගලා ඒම සිදුවෙමින් තිබෙන අතර ඉදිරියේදී එය තවදුරටත් වර්ධනය වනු ඇති බවයි කබ්රාල් මහතා කියා සිටියේ.

”අපි දැනටමත් දකිනවා මේ රටට මුදල් ගලා එන එක තවදුරටත් වර්ධනය වෙන එක. ඒක සිදුවෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා යම්කිසි අවස්ථාවක පීඩනයක් එනකොට කටයුතු කළ යුතු ක්‍රමය. සාමාන්‍ය ක්‍රමයට වඩා පොඩ්ඩක් වෙනස්. පොඩි උදාහරණයක් මම දෙන්නම්. ඕවර් 50 ක්‍රිකට් මැච් එකක් ගහනවා නම් පළමු ඕවර් 10 දී විකට් හතරක් ගියෝතින් ඊළඟ ඕවර් කිහිපයේදී ඉතාමත් වේගයෙන් ගහන්න උත්සහ කරන්නේ නැහැ. ඒ වගේ තමයි මේ වගේ කාලයකත්. මේ කාලය තුළදී අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ස්ථායීභාවය නැවත වරක් රටේ ඇති කරන්න. කිරිපිටි සඳහා වරායේ සියලුම බහාලුම් නිදහස් කරලා ඉවරයි. අද අපිට තිබුණා තොරතුරක් ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක අගයකට කිරිපිටි සඳහා බහාලුම් තිබෙනවා යැයි කියල. ඒවටත් අපි මුදල් නිදහස් කරලා තියෙනවා.” යනුවෙන් එහිදී මහ බැංකු අධිපතිවරයා තවදුරටත් අදහස් දක්වන ලදී.

 509 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply