“සජිත්+ජලනි සදා ලෝක පුජිත පොල්ලක් තියලා” – මිලියන ගානක් බදු නොගෙවා ගෙයක් ගත්ත හැටි හෙළිවෙයි! [VIDEO]

සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය ලබාගත් බව කියන නිවසකට බදු නොගෙවා සිටින බවට වාර්තා පලවනවා.

කොළඹ 07 ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබා දීම සම්බන්ධයෙන් අදාළ නිවසේ හිමිකරු යයි පවසන පුද්ගලයකු සිදු කරන ප්‍රකාශයක් සම්බධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පලවී තිබෙනවා. එහිදී ඔහු පවසන පරිදි 2007 වසරේ ලබාදුන් අදාළ නිවස බදු ගිවිසුමක් මත ලබාදී ඇති අතර විටින් විට බදු ගිවිසුම් අලුත් කරමින් එම නිවස සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වෙත ලබාදුන් බවයි කියවෙන්නේ.

2015 වසර දක්වා බදු මුදල ගෙවූ සජිත්+ජලනි ප්‍රේමදාස යුවල 2015න් පසු බදු ගෙවීම නිසි ලෙස සිදු නොකළ අතර 2017 වසරේ අදාළ නිවස මිලදී ගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇති අතර ෆොන්සේකා නමැත්තකුගේ නමට අදාළ නිවස මිලට ගැනීමටත් පසුව සජිත් ප්‍රේමදාස වෙත එය පවරා ගැනීමටත් සාකච්චා කොට තිබෙනවා. අනතුරුව නිවස සඳහා විකිණුම් ගිවිසුමකට එළඹ ඇති අතර එම ගිවිසුම කඩ කරමින් ප්‍රේමදාස යුවල මිලියන 3.5ක හිඟ මුදලක්ද මේ වනවිට ගෙවන්නට ඇති බවයි කියවෙන්නේ.

අදාළ නිවසේ හිමිකරු පවසන ආකාරයට මිලියන ගණන් වංචා කල සජිත් හා ජලනිට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නඩු මාර්ගයට ගොස් ඇති අතර එම නිවසේ බලහත්කාරයෙන් පදිංචිව සිටින බවත් ඔහු පවසනවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නිවසේ හිමිකරු වන නලින්ද තෙන්නකෝන් මහතා කල සම්පුර්ණ ප්‍රකශය පහතින්…

 621 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply