අනිල් ජාසිංහට ආසියා කලාපයේ සභාපතිධූරයක්!

එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 04 වන සැසිවාරයේ සභාපතිධුරය සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත්විය.

මේ දිනවල දකුණු කොරියාවේ සුවොන් නගරයේ පැවැත්වෙන ආසියා පැසිපික් කලාපයේ පරිසර අමාත්‍යවරුන්ගේ 04 වන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන පරිසර බලධාරින්ගේ නියේජිත සමුළුවේ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සභාපතිධුරයට පත් කර ගනු ලැබිණි.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඉදිරි වසරක කාලය වෙනුවෙන් මෙම තනතුරට තේරී පත්ව ඇත.

ඒ අනුව ඒ මහතා ආසියා පැසිපික් කලාපයේ පරිසර බලධාරින්ගේ නියෝජිත බියුරෝවේ සභාපති වශයෙන් ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩ සටහනේ 05 වන මහා සභා රැස්වීමේ දී එම සැසිවාරය නියෝජනය කිරීමට නියමිතය.

ආසියා පැසිපික් කලාපයේ රටවල් 47ක පරිසර අමාත්‍යවරුන් හා බලධාරින් මෙම සමුළුව නියෝජනය කරයි.

 514 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply