ෆේස්බුක් බිඳ වැටීම නිසා ඩොලර් කෝටි 600ක අලාභයක්!

පැය 6කට ආසන්න කාලයක් බිඳ වැටී තිබූ ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය ජාලයන් නිසා ෆේස්බුක් ආයතනයට ඩොලර් කෝටි 600ක පමණ අලාභයක් සිදු වී ඇතැයි වාර්තා වී ඇත.

එයට හේතුව එම පැය කිහිපය තුළ ෆේස්බුක් කොටස් අගය 5%කින් පමණ පහත වැටීම බව ඒ පිළිබඳ විශේෂඥයෝ සඳහන් කරති. මේ සමඟ සකර්බර්ග්ගේ වත්කම ඩොලර් බිලියන 121.6 දක්වා පහළ වැටී ඇති බැවින් බ්ලූම්බර්ග් ප්‍රකෝටිපති දර්ශකයේ 5 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇති බවද වාර්තා විය. ඒ අනුව බිල් ගේට්ස් ඔහු ඉක්මවා එහි ඉහළට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා වේලාවෙන් පෙරේදා රාත්‍රි 9.30ට පමණ ආරම්භ වූ ෆේස්බුක් බිඳවැටීම මෙතෙක් සිදු වූ විශාලතම අන්තර්ජාල බිඳවැටීම ලෙස සැලකෙන අතර එම කාලය තුළ ලොව පුරා පරිශීලකයන් කෝටි 100කට පමණ තම ගිණුම්වලට යාවත්කාලීන වීමට නොහැකි වී ඇත. කෙසේ වෙතත් මෙරට වේලාවෙන් ඊයේ පෙරවරු 3.30 පමණ වනවිට මෙය යථා තත්ත්වය පත් කිරීමට සමාගමේ ඉන්ජිනේරුවන් සමත් වී තිබිණි.

තම සමාගමට අයත් සමාජ මාධ්‍ය ජාලා අක්‍රිය වීම පිළිබඳව ඒවායේ පරිශීලකයන් හට ෆේස්බුක් සමාගම කනගාටුව පළ කර ඇත. මෙම අනපේක්ෂිත අවස්ථාවේ ඉවසිල්ලෙන් කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වන බවද ඒ සමඟ සඳහන් කර තිබේ. මෙම අර්බුදය හටගැනීමට හේතුව සමාජ ජාලයේ සැකසුම් පද්ධතියේ වෙනස්කමක් සිදු කිරීමේදී ඇති වූ ප්‍රමාද ‍ෙදා්ෂයක් බව සමාගම නිවේදනය කර ඇත.

“තම ළබැඳියන් සමඟ සම්බන්ධ වී සිටීමට අපගේ සේවාව ඔබට කොපමණ ඉවහල් වන්නේ දැයි මම දනිමි. සිදු වූ ප්‍රමාද ‍ෙදා්ෂය පිළිබඳව මගේ කනගාටුව පළ කරමි.” යැයි ෆේස්බුක් ප්‍රධාන විධායක මාක් සකර්බර්ග් සිය ෆේස්බුක් පිටුවේ පළ කළ සටහනක දැක්වෙයි.

 1,162 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply