පුටින්ගේ වත්කම් කාර්ය සහායිකාවගේ නමින්!

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සැඟවුණු වත්කම් මොනාකෝවේ ඇති බවට පැන්ඩෝරා ලියවිලි මඟින් හෙළිදරව් වූ කරුණු පිළිබඳව සාක්ෂි නොමැති බව දැක්වෙන නිවේදනයක් ක්‍රෙම්ලිනය නිකුත් කර තිබේ. නමුත් මොනාකෝ, බහමාස් වැනි රටවල තට්ටු නිවාස හා සුපිරි මාලිගා මිලදීගැනීම සඳහා අක්වෙරළ අරමුදල් භාවිත කර ඇත්තේ පුටින්ගේ අනියම් බිරියකගේ නමින් බව, අදාළ රහස්‍ය ලේඛන ගවේෂණයට සම්බන්ධ සංසදයේ සාමාජික වොෂිංටන් පෝස්ට් පුවත්පත ප්‍රකාශ කර ඇත.

පුවත්පත තවදුරටත් සවිස්තරව සඳහන් කරන්නේ, ටෝර්ටෝලා නමැති කැරිබියානු දූපතේ සංස්ථාපිත අක්වෙරළ සමාගම (offshore company) හරහා 2003 අප්‍රේල් මාසයේදී සිද්ධියට අදාළ මොනාකෝ මහල් නිවාස මිලදීගත් රුසියානු කාන්තාවගේ නම ස්වෙත්ලානා ක්‍රිවෝනෝගික් (Svetlana Krivonogikh) බවය. ඒ වනවිට පුටින් සමඟ වසර ගණනාවක් රහසිගත සම්බන්ධතාවක් පවත්වමින් සිටි ඇය ගැහැනු දරුවකු බිහි කර ඇති බව, රුසියානු ගවේෂණ ආයතනයක් වන Proekt උපුටා දක්වමින් වොෂිංටන් පෝස්ට් පුවත්පත අනාවරණය කර තිබේ.

නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සොයා ගැනීමට නොහැකි වන පරිදි විවිධ උපක්‍රම භාවිත කරමින් රාජ්‍ය නායකයන් සහ ධනවතුන් ගණනාවක් අයුතු ලෙස උපයාගත් හෝ බදු ගෙවීම පැහැර හරින ලද ප්‍රකෝටි ගණනක ධන සම්භාරයක් සඟවා තබා ඇති ආකාරය දැක්වෙන ‘පැන්ඩෝරා’ ලේඛන පසුගියදා ප්‍රකාශයට පත් වූයේ ‘පැනමා’ ලේඛන ලෙස හැඳින්වුණ එවැනි තවත් කාන්දු වීමෙන් වසර පහකට පසුවය.

 432 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply